ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නව රජයේ දූෂණ විරෝධී වැඩ සටහනට අමෙරිකාවේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපති ජූලි චංග් පවසයි.
ඇය මේ බව පැවසුවේ ඊයේ(11) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී ය.
මුලින්ම මල්වතු මහා විහාරයට පැමිණි තානාපතිවරිය සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
එහිදී ජූලි චංග් පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව කෙරෙහි විශාල ගෞරවයක් දක්වන බවයි.
වැඩි වැඩියෙන් මෙරටට ආධාර ලබා දෙන ලෙස අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි තානාපතිනියගෙන් එහිදී ඉල්ලා තිබේ.
අනතුරුව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් අස්ගිරි මහා විහාරයට පැමිණ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තා ය.
එහිදී ඇය මහ නාහිමියන්ට පවසා ඇත්තේ තමන් ලංකාවේ තිබූ අසීරු කාල සීමාව තුළ හැකි ආකාරයෙන් සහය දුන් බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.