මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නොමැති බවත් එය ව්‍යාජ පුවතක් බවත් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.
කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ආරුගම්බේ සිදුවීමට අදාලව අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නොමැති බවයි.
"යම් ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අපි අපේ කාර්ය මණ්ඩලය, අමෙරිකානු පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. එය ලොව පුරා අපි භාවිත කරන පිළිගත් ක්‍රමවේදය. අපි ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු අපි එම දැනගත් කරුණු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූවා. ඔවුන් ඊට ඉක්මණින් ප්‍රතිචාර දැක්වූවා."
"අපි ඔවුන් සමග කාර්යශීලිව කටයුතු කරනවා. ඔවුන් සමග දෛනිකව අදහස් හුවමාරු කරගන්නවා. අපි ශ්‍රී ලංකා නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමග ඇති සහයෝගය අගය කරනවා. විනිවිදභාවයට ඔවුන්ගේ ඇති කැපවීම විශේෂයි. මම කැමතියි ව්‍යාජ තොරතුරක් ගැන කියන්න. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවලා නෑ කොහෙත්ම. පසුගිය සතියේ අපේ ආරක්ෂක අනතුරු ඇඟවීම සිදුකළේ අමෙරිකානු පුරවැසියන් ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ යන්න එපා කියලා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නෑ. ඒක එහෙම්මමයි. එය දෙවැනි පෙළේ (Level 2) තමයි. එය බොහෝ වසර ගණනක් පැවතුණේ එහෙමයි. එය මාලදිවයින, ඉතාලිය සහ ප්‍රංශය වෙනුවෙන් නිකුත්කර ඇති සංචාරක උපදේශන හා සමානයි. ඒවා ඔක්කොම Level 2. ශ්‍රී ලංකාවටත් එහෙමයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.