ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) ඊයේ(03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.
මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ගේ සුබපැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිරිනැමීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහිදී පැසසුමට ලක් කළ මාර්ක් ඇන්ඩෘ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඇගයිමට ලක් කළේය.
මහජන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ද මෙහිදී පෙන්වා දුන් නේවාසික සම්බන්ධීකාරකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ප්රයත්නයන්ට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවටද සහතික විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ප්‍රශංසාව පළ කළ මාර්ක් ඇන්ඩෘ එම ප්රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.
එසේම ප්‍රජාව අතර ජාතික සාමය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීම් ද පැසසුමට ලක් කළ නේවාසික සම්බන්ධීකාරකවරයා විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම ද අගය කළ අතර රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවද පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.