අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලූ එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගතව තරඟ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි ද රුවන් විජයවර්ධන සඳහන් කළේය.
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයෝ ද, ආසන සංවිධායකවරු, කළමණාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මීට සහභාගී වූහ.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.