විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ඇතුළු අපේක්ෂකයින් අද දිනයේ අවසන් ජන රැළි දිවයිනේ ස්ථාන ගණනාවකදී සංවිධාන කර තිබේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු කෙරෙන ජන රැළි අද පැවැත්වෙන්නේ, බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව කළුතර හා ගම්පහදී ජන රැළි පැවැත්වෙන අතර අවසන් ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.
ස්වාධීන ජනාධීපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මාතර, ගාල්ල, හෝමාගම හා කළුතරදී ජන රැළිවලට සහභාගි වන අතර අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ ග්‍රෑන්ඩ්පාස් හිදීයී.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මොණරාගල, ඇඹිලිපිටිය, අම්බලන්තොට හා බේරුවලදී ජන රැළිවලට සහභාගි වන අතර ඔහුගේ අවසන් ජන රැළිය මරදානේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ජන රැළි තිස්සමහාරාමය හා මතුගම ප්‍රදේශවලදී පැවැත්වෙන අතර අවසන් ජන රැළිය පිළියන්දල දී සංවිධාන කර තිබේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ ජන රැළි පන්නල හා මීගමුව ප්‍රදේශවලදී පැවැත්වෙන අතර අවසන් ජන රැළිය සංවිධාන කර ඇත්තේ කිරුලපන ප්‍රදේශයේදීයී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.