ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, නිදහස්, සාධාරණ හා විශ්වසනීයභාවයෙන් යුතුව පැවැත්විම සඳහා සියලු විධි විධාන යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊට අදාලව ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේ වෙතත් කොමිෂන් සභාවේ වර්තමාන උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයින් හා සංවිධාන, ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාලව එනම්, සලකුණු කරන ආකාරය, මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින්වර කරනු ලබන ප්‍රකාශ හා මත, ප්‍රචාරය වන බවට නිරීක්ෂණය වන බව එහි දැක්වෙයි.
ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක, නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.