තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවත් එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක සඳහන් කළේ ය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වළකින්නැයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සියලුම දෙමව්පියන්ට, භාරකරුවන්ට, සහ සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.