විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
"මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා.
තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුව තිබෙනවා නම් ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.
මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේවි ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා. හැබැයි ඒක ඔබට නොලැබුණත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය වියයුතු වන්නේ නෑ. ඡන්දය පාවිච්චි කිරීමට එය බරපතළ බාධාවක් වෙන්නේ නෑ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.