ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.
හැත්තෑ නවලක්ෂ අනූ නව දහස් අනූ තුනක් වන රටේ ශ්‍රම බලකායෙන් 4095493ක් පැය හතළිහට වැඩියෙන් වැඩ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
සතියකට පැය 40 ක් හෝ ඊට වැඩියෙන් වැඩ කළ පිරිස 2022 වර්ෂයේ දී සියයට 56.2 ක් බවත් මේ වසරේදී එය සියයට 65.8ක් දක්වා සියයට දාහතක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර සතියකට පැය දහයත් තිස් නවයත් අතර වැඩ කරන පිරිස 2022 වර්ෂයේදී සියයට 27 ක් ලෙස පැවතුණු බව පැවසූ මහාචාර්යවරයා එම සංඛ්‍යාව මේ වසරේදී සියයට 29.7 ක් දක්වා සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
සේවා නියුක්තියන් අතරින් සතියකට පැය එකත් නවයත් අතර වැඩ කරන පිරිස 2020 වසරේදී සිටියේ සියයට 2.1කි. එය මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.9කින් අඩු වන බව එම වාර්තාවල දැක්වෙන්නේ යැයි වසන්ත අතුකෝරළ කීවේය.
සතියකට වැඩ කරන පැය ගණන හතළිහට වැඩිවී ඇත්තේ ආර්ථික උද්ධමනය යනාදී හේතු සැලකිල්ලට ගෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.