තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේත්, ප්‍රධාන නිරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත්, නාචෝ සැන්චේස් අමෝර් ය.
නාචෝ සැන්චේස් අමෝර්, ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 කි. ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනු ඇත.ඉදිරියේ දී තවත් මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.
විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (29) කොළඹ හිල්ටන් හෝටල පරිශ්‍රයේ දී ඔවුන්ගේ රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ, නාචෝ සැන්චේස් අමෝර් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඔවුන්ගේ ක්‍රියාදාමය ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේය.
සැප්තැප්මබර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව කළ ඇරැයුම පිළි ගනිමින් තමන් සහ තම නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණි බවත්, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් නිරීක්ෂණයට පැමිණි හත් වැනි අවස්ථාව මෙය බවත් සැන්චේස් අමෝර් එහිදී පැවැසීය.
(lankadeepa.lk - ලුසිත ජයමාන්න)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.