ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේත්, ප්‍රධාන නිරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත්, නාචෝ සැන්චේස් අමෝර් ය.
නාචෝ සැන්චේස් අමෝර්, ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 කි. ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනු ඇත.ඉදිරියේ දී තවත් මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.
විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (29) කොළඹ හිල්ටන් හෝටල පරිශ්‍රයේ දී ඔවුන්ගේ රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ, නාචෝ සැන්චේස් අමෝර් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඔවුන්ගේ ක්‍රියාදාමය ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේය.
සැප්තැප්මබර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව කළ ඇරැයුම පිළි ගනිමින් තමන් සහ තම නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණි බවත්, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් නිරීක්ෂණයට පැමිණි හත් වැනි අවස්ථාව මෙය බවත් සැන්චේස් අමෝර් එහිදී පැවැසීය.
(lankadeepa.lk - ලුසිත ජයමාන්න)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.