විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඒ, ඉදිරි දිනවල මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙන්.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, මෙම තත්ත්වය හමුවේ නිරන්තරයෙන් තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණකට හැර සේවා ස්ථානයෙන් පිටත්ව නොයන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇති බවයි.
හදිසි අවස්ථාවක දී තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිත කරන ලෙස හා දින කීපයකට අවශ්‍ය ආහාර, ඖෂධ ගබඩා කර තබා ගන්නැයි ඔවුන්ට දැනුම් දුන් බවද තානාපතිවරයා පවසා තිබෙනවා.
ඊශ්‍රායල් රජය ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා රෝහල් හා ගිලන් රථ සේවා සූදානම් කර ඇති බව ද සඳහන්.
මේ අතර, ඊශ්‍රායලයේ වෙසෙන තම ඥාතීන් පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස තානාපතිවරයා මෙරට ඥාතීන්ගෙන්ද ඉල්ලීමක් කරනවා.
ඔහු සඳහන් කළේ, ඊශ්‍රායලේ සේවයේ නියුතු පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.
මේ වනවිට ඊශ්‍රායලයට විරුද්ධව රටවල් කිහිපයක් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් කර ඇති බවද තානාපතිවරයා ප්‍රකාශ කළා.
දැනට ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව එකොලොස් දහසකට අධිකයි.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.