ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජන වරමක් නැති වත්මන් රජය ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (10) මොනරාගල පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.
''අපේ රටේ ජනතාව දශ ලක්ෂ ගණනින් දුප්පත් වෙලා, ණය මර උගුලකට අහු වෙලා, දැවැන්ත ආර්ථික අවපාතයකට ලක්වෙලා. වාර්තාවක් හරහා ජාත්‍යන්තර ආයතන පවා මේ බහුමාන දුගී භාවය ගැන සඳහන් කරලා තියෙනවා. ළදරුවන්, මව්වරුවන්, වැඩිහිටියන්, අවදානම් කොට්ඨාස, තරුණයන් හා ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් පවා මේ නිසා විපතට පත්වෙලා. සාමාන්‍ය ජනතාව මෙවැනි ව්‍යනයකට හසු වුනත් සුපිරි ධනවතුන් මේ ව්‍යසනයෙන් බේරිලා.
අපි කරන්න ඕනෙ අතිමහත් බහුතරයකගේ අවාසනාවන්ත තත්ත්වය මගහැර යන්න දායකත්වය ලබා දෙන එක. ධනවාදී ක්‍රමය තුළ සුපිරි පැළැන්තියක් නිර්මාණය වෙලා. මේ ධනවාදය ලුම්පන් ධනවාදයක්, ගජමිතුරු ධනවාදයක් නොවිය යුතුයි. ඒක මානුෂීය ධනවාදයත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිත් මුසු වුණ, සියලු දෙනාම ඇතුළත් වූ ආර්ථික වර්ධනයක් ඇති කළ යුතුයි. ඒ වගේ ම වරමක් නැති මේ රජය කරන්නේ ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කිරීමයි.’’
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.