GMOA වර්ජනය අද උදෑසන 8 සිට
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අප පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පක්ෂයේ නිළධාරීන් පමණක් නොවෙයි. මේ වන විට අප පක්ෂය නියෝජනය කර පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා ලබාදී පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 14 දෙනා ගෙන් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු මෙම තීරණයට එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ වගේම අප මෙම තීරණය ගනු ලැබුවේ සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් බව පැවසිය යුතුයි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙ වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර තිබෙනවා''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.