වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල වූ අයට වන්දි ලැබෙන්නේ මෙහෙමයි
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්රජීවී ඖෂධ භාවිතය පිළිබඳ වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබඳ ජාතික මාර්ගෝපදේශයේ දෙවන සංස්කරණය (Empirical and Prophylactic use of Antimicrobials, National Guidelines – Sri Lanka - Second Edition-2024) එළිදැක්වීම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.
ඉහත මාර්ගෝපදේශය එළිදැක්වීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, පසුව එම මාර්ගෝපදේශය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වෙත පිළිගැන්වීමට කටයුතු කෙරිනි.
ජෛවගෝලය තුල බැක්ටීරියා, වෛරස, දිලීර සහ පරපෝෂිත ආදී වූ ක්ෂුද්රජීවීන් රෝග ඇති කරනු ලබයි. මෙම අහිතකර ක්ෂුද්රජීවීන් මර්දනය කිරිම සදහා ක්ෂුද්රජීවී නාශක ඖෂධ සහ ප්‍රති-ක්ෂුද්රජීවී ඖෂධ (Antimicrobial) භාවිතා කරයි. ඒ අතර බැක්ටීරියා මර්දනය සදහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ප්‍රධාන තැනක් ගනි.
ප්‍රති ක්ෂුද්රජීවී ඖෂධ, නිවැරදි වෛද්‍යමය මුලෝපායන් මත පදනම්ව භාවිතා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර, ඒ සදහා විද්‍යානුකූල මාර්ගෝපදේශ නිකුත් කිරීම මගින් ක්ෂුද්රජීවීන්, එම ඖෂධ සදහා ප්රතිවිරෝධීවීම වළක්වා ගත හැකි වේ.
එසේ නොමැතිව හිතුමතේ ප්‍රති-ක්ෂුද්රජීවී ඖෂධ භාවිතයෙන්, ප්රතිවිරෝධය ඇති වී එම ඖෂධවල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන් උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව රෝගය විනාශයට පත්විය හැකිය.
ඒ අනුව ඉහත කරුණු සැළකිල්ලට ගෙන ඉහත ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලීන කර එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.