තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ''ජයගමු ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමිනි.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.