ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පෙරේදා (1) පැවැති වැඩසටහනකදීය.
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බව පැවසූ වලවාහැංගුණ වැවේ නාහිමියෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද සඳහන් කළහ.
ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් උන්වහන්සේ පැවසූහ.
පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බව පැවසූ වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.