පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසී ය.
ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවත් ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් කර ඇති අතර එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවත් ය.
එසේ ම ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන් ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතු ව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද කී ය.
ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.
ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.
වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.