ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12ක් මියගොස් තවත් එක් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය අද (28) ප.ව. 4ට නිකුත්කරනු ලැබූ යාවත්කාලීනකිරීම අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24හිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 227කට මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපා තිබේ.
මේ වනවිට පවුල් 120,534කට අයත් පුද්ගලයන් 401,707ක් ආපදා බලපෑමට ලක්ව සිටියි.
ඒ අනුව දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 345ක් මේ වනවිට ඉදිකර ඇති අතර, එහි පවුල් 11,663කට අයත් පුද්ගලයන් 36,330ක් රැඳී සිටින බවද මෙම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම තවත් පවුල් 28,324කට අයත් පුද්ගලයන් 94,134 දෙනෙකු ඥති නිවාසවල සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වාර්තා වූ ආපදා මරණ අතරින් වැඩිම පිරිසක් නැගෙනහිර පළාතේ සිදුව ඇති අතර, ඉන් 8 දෙනෙකුම අම්පාර දිස්ත්රික්කයේය.
ඊට අමතරව බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල එක් මරණය බැගින් වාර්තා වී ඇත.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පූර්ණ නිවාස හානි 102ක් හා අර්ධ නිවාස හානි 1,952ක් සිදුව ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.