හෙට (16) සිට වැසි වැඩිවෙයි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය එළඹෙන සතියේ නිකුත් කරන බවත් පොලිස් සේවයේ පවතින පුරප්පාඩු දසදහසක සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.
ඉකුත් දා රත්නපුර දී පැවති පොහොසත් රටක් වෙනුවෙන් ගැහැණු අපි සංවාදශීලි කතිකාවට එක්වෙමින් අගමැතිනිය හරිනි අමරසූරිය ද කියා සිටියේ පොලිස් සේවයට කාන්තාවන් දහසක් බඳවා ගැනීමට සූදානම් බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.