තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.
මේ වන විට රට තුල ඉතා සාමකාමී තත්ත්වයක් තිබුනද, මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරිනීති කාල සීමාව තුල තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම කාල සීමාව තුල ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාලව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර, විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපල වෙත ගමන් කරන සහ විදේශ වල සිට පැමිණ ගුවන් තොටුපලෙන් පිටවන සියළු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛණ ඇඳිරිනීති බල පත්‍රයක් ලෙස භාවිතා කළ හැක.
මීට අමතරව අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාල සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරි හැඳුනුම්පත හෝ සුදුසු ලේඛණයක් භාවිතා කළ හැකි අතර, එම ලේඛණය සහ අදාල පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛණ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
මෙම කාල සීමාව තුල ඇඳිරි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියළුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බැවින්, එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියළුම මහජනතාව වෙත ශ්‍රි ලංකා පොලිසිය අවධාරණය කර සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.