ගල් අඟුරු නිසා වැයවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා පිට නොපටවන්න PUCSL තීන්දු කරයි
විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මුහුදු කලාපය ලබන වසරේ සිට විදේශ පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ජපානයේ NHK පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා විදේශීය පර්යේෂණ නෞකා සඳහා සිය මුහුදු කලාපයට ඇතුලු වීම තහනම් කළේ ය.
"අපිට එක එක රටවලට එක එක නීති පනවන්න බැහැ. ඒවගේම චීනයට විතරක් තහනමක් දාන්න බැහැ. අපි ඒක කරන්නේ නැහැ. අපි කාගේවත් පැත්තක් ගන්නේ නැහැ."
චීන පර්යේෂණ නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම පිළිබඳව කළ අදහස් දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
භාවිතයට නොගත් සමුද්‍ර සම්පත් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් නමුත් එය විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බවත් අමාත්‍ය අලි සබ්රි එහිදී අවධාරණය කළේ ය.
……..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (13) දිනයෙත් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
නියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් '1955' අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී.