CLOSE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුගිය සැප්තැම්බර් 16 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබුණි.

මේ අතර, ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ඇයගේ නීතිඥවරුන් ඊයේ (5) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලුම්පතක්ද ගොනු කර තිබිණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.