කතරගම ප්‍රාස හිටපු සභාපති CID අත්අඩංගුවට
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල එළඹෙන 07 දින දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා පැවසීය.
සූර්යයා සෑම වසරකම දෙවරක් අප රටට ඉහළින් මුදුන් වන බවත්, ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම එළඹෙන 07 දින දහවල් බලා ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .
මෙසේ ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන් වීම හෙට (04 ) දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වන අතර, පුරා දින 10 ක පමණ කාළයක්, සූර්යයා එසේ ශ්‍රී ලංකාවට ඉහලින් විවිධ ප්‍රදේශ වලට දහවල් කාළයේ මුදුන් වන බවත්, එළඹෙන 15 දින එය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සිදු වන බවත්, ඉන්පසුව එම මුදුන් වීම ශ්‍රී ලංකාවෙන් බැහැරට යන බවත් අනුර සී.පෙරේරා පැවසීය.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා 07 දින දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කදවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක්, යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා සදහන් කළේය .
මෙම කාළය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත අතර, රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත්, එය සමනය කිරීම සදහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා වැඩිදුරටත් පැවසීය .
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ලොව විශාලතම අපනයනකරු වන චීනයේ ආනයන සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 104%ක තීරු බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.