ගාල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාත දියුණු කිරිමට ඇති හොඳම ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ හරහා එම ප්‍රදේශයේ ආර්ථිකය ගොඩනගන්න, කර්මාන්ත දියුණු කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට ඉවහල් වන බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.
මීට වසර කිහිපයකට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිමට යහපාලන රජයේ දී සාකච්ඡා වූ බවත් වර්තමානයේ එහි තත්ත්වය සොයා බැලීමට වේලනෙයි ප්‍රදේශයේ මණ්ඩතිව් බටහිර කොට්ඨාසයට තමා ගිය අවස්ථාවේ දැක ගැනීමට හැකි වූයේ දැනටමත් ඒ සඳහා අක්කර 50ක ඉඩමක් වෙන් කර ඇති මුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර නොමැති බව යැයි ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (ජුනි 12) යාපනය කෝපායි නීර්වේලි අත්තියර් හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 233 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රීඩාංගනය පහසුවෙන් ඉදිකළ හැකි බවත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පවා නිර්මාණය වූයේ එවැනි ආකාරයට බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
පෞද්ගලික ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගොඩනැගූ ආකාරයටම යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකරන බවයි සජබ නායකයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන සිහිනය සැබෑ කිරීමේ වැඩපිළිවෙළ සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරනා බවට ද හෙතෙම සහතික වී ඇත.
(චතුරංග මේදිස්)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.