කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) වන දින ගුරු-විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමඟ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමින්.
මෑතකාලින ලබා දුන් අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරු පත්වීම් නව රජය බලයට පත් වීමට පෙර අනුමත වූ පත්වීම් බවත්, එම පත්වීම් ලබා දී ඇත්තේ ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව බවත් අගමැතිනිය සඳහන් කර තිබේ.
එසේ වුව ද එලෙස ලබා දුන් පත්වීම් පිළිබඳව ද, රජයේ අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාලවල සහ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදි උපාධියේ ගුණාත්මකභාවයද නැවත සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් කටයුතු ආරම්භ කර ඇති බව අගමැතිනිය පවසා ඇත.
මෙම සමාලෝචන ක්‍රියාවලියට අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගන්නා බවයි ගුරු – විදුහල්පති නියෝජිතයන් හමුවේ අගමැතිනි සඳහන් කර ඇත්තේ.
එම සාකච්ඡාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අමල් එදිරිසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.