CLOSE

පුවත්

සජිත් මුණගැහෙන්න මට කිසි වුව­ම­නා­වක් නැහැ – නාමල්

සජිත් මුණගැහෙන්න මට කිසි වුව­ම­නා­වක් නැහැ – නාමල්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

මැදපෙරදිග ගැටුම් වැඩි වුණොත් මුහුදෙන් හෝ සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම්

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙන බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් මේ වනවිට වෙන් කර අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

Read More

බිත්තර ආනයනයට විරෝධයක්

කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය රජයට චෝදනා කර සිටියි.

Read More

හිස් මැතිවරණ පොරොන්දු, ණය ගැනීම් ආර්ථිකය කඩා වැටීමට හේතුවක් - ජනපති

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.

Read More

සියලු රාජ්‍ය විශ්‍රාමිකයන්ට අන්තර්කාලීන දීමනාවක් සැප්තැම්බරයේ සිට

රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබාදෙන රුපියල් 2,500ක දීමනාවට අමතර ව රුපියල් 3,000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහහතර දෙනෙක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

කනක හේරත් 18ක් සමග රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනා සමඟින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Read More

e-වීසා සේවා සැපයීම විදෙස් සමාගම්වලට පැවරීම වළකමින් නියෝගයක්

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මියන්මාරයේ රැකියා ගැන රජයෙන් අනතුරු ඇඟවීමක්

නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරු, මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් එරට ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බැවින් එරට රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යාමෙන් වළකින ලෙස මෙරට රජය සියලුම ශ්‍රී ලාංකිකයින්ට තරයේ අවවාද කරයි.

Read More