රනිල් වික්‍රමසිංහට සහ සමන් ඒකනායකට එරෙහි නඩුව අද යළි කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.
තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි .
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති
“අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා මන්ත්‍රීවරයාගෙන්. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බෙනවා. මම අද ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප් මට එපා. පටන් ගන්න ඕනේ මේ රට හදන්න. ඇත්තටම මම දැනන් හිටියේ නෑ එහෙම හම්බෙනවා කියලා පස්සේ තමයි දැනගත්තේ එහෙම හම්බෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා මට විශ්‍රාම වැටුප එපා කියලා.
ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට මන්ත්‍රී වැටුපත් හම්බෙනවා ඇමති වැටුපත් හම්බෙනවා. අපි තීරණයක් ගත්තා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් ලැබෙනවා. මන්ත්‍රී වැටුපේ තෙල් දීමනාවත් අයින් කරලා අපි දෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා. ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝදනය කරනවා”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.