අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
"මේ මහ කන්නය අරම්භ වෙන්නේ. ලබන සතියේ සඳුදා වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ පොහොර සහනාධාරය... වැඩි කරපු එක ලබාදෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ පොළොන්නරුව, අනුරාධපුර, ඒ වගේම මහියංගනය, මහවැලි කලාපවල ගොවිජනතාවට ක්‍රමාණුකූලව මෙය ලබාදෙන්න කටයුතුකරවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.