මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.
ඒ අනුව කොළඹ නගරය තුළ මැයි දින රැලි 14ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබේ.
ජාතික ජනබලවේගය විසින් සිය මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර "රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය" යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.
සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර ඇත.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ. "රට දිනුමට කම්කරු බලය" යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පවත්වන බවය.
මේ අතර පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
"රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු" යන තේමාව යටතේ මෙවර පොදුජන පෙරමුණ සිය මැයි රැලිය සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැලිය මෙවර එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියන්න පැවසුවේ "බොරුව නවතනු - පොරොන්දු ඉටුකරනු" යන තේමාව යටතේ සිය පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
මේ අතර අද දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබේ.
මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැයි දින පෙළපාළි සහ රැස්වීම් සදහා කොළඹ නගරය වෙත පැමිණෙන බස් රථ ගාල් කිරීම සදහා විශේෂ රථගාල සකස් කර ඇති බව ද ඉන්දික හපුගොඩ මෙහිදී සදහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.