විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා කැඳවමින් ඇති බවයි.
අදාළ බුද්ධි වාර්තා මත පදනම්ව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන ජන රැළි පැවැත්වීමට දින කිහිපයක සිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා කැඳවා අධ්‍යනය කරනු ඇති.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අමතරව අදාළ අපේක්ෂකයා එම ජන රැළියට සහභාගී විමට පැය කිහිපයකට පෙර යළිත් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කර ගන්නා බවයි.
එවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ, ජනාධිපති අපේක්ෂකයින්ට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇතැයි, අමාත්‍යාංශය පෙන්වා දෙන්නේය.
කෙසේ වෙතත්, ඊයේ මැතිවරණ කොමිසමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ නියෝජිත රේනුක පෙරේරා පැවසුවේ, නාමල් රාජපක්ෂ ට සහ මහින්ද රාජපක්ෂ ට තර්ජන එල්ල වී ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.