1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවයි අද (27) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
“අපි දන්නවා පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව වධ හිංසා කරලා සමූහ ලෙස එකතුවෙලා ඝාතනය කරලා, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තියලා… ඊට පසු පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ගිනිබත් කරලා විනාශ කරලා අරාජික තත්ත්වයක් ඇතිවීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේ සිද්ධියට මීට වඩා දරුණු ලෙස බංග්ලාදේශයේ ක්‍රියාත්මකවීමෙන් මන්ත්‍රීවරු 26ක් මරා දැම්මා. දැන් එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ. මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජය තීරණයක් අරගෙන තියෙනවා මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගන්න පුළුවන් විදියට මුදලට ගිනිඅවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.