විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද සඳහන් ය.
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වී තිබුණි.
එහිදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කළ අතර, එම තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද තීරණය කෙරුණි.
කෙසේ වෙතත් පක්ෂයේ තීරණයට එරෙහිවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පසුගිය සති කිහිපය පුරා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැඩි බලපෑම් එල්ලකර ඇති බවද වාර්තා වෙයි.
පක්ෂය ගත් තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ක්‍රියාකාරකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබූ බවද පැවසෙයි.
ඒ අනුව, පක්ෂයේ තීරණවලට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.