විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ, එරට "ව්‍යවස්ථාව රකින බවටත්, ඊට සහයෝගය දෙන බවට සහ ආරක්ෂා කරන බවටත්" ප්‍රතිඥාවක් දෙමින් ය.
84 හැවිරිදි ඔහු සිය නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 12කට වැඩි පිරිසක් සමඟ ඩකා හි ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්නේ "අවංකව" තම රාජකාරිය ඉටු කරන බවට ප්‍රතිඥා දෙමිනි.
බංගලාදේශය අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මව්බිමට පැමිණි නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් "කළ යුතු වැඩ ගොඩක්" ඇති බව ප්‍රකාශ කළේය.
බ්‍රහස්පතින්දා ප්‍රංශයේ සිට ඩකා අගනුවරට පැමිණීමෙන් පසු 84 හැවිරිදි යුනුස් බීබීසීයට පැවසුවේ “ජනතාව උද්යෝගිමත්” බව ය.
වසර 15ක් බංගලාදේශය අයෝමය හස්තයකින් පාලනය කළ නායිකාවක වන ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් දින කිහිපයකට පසු ඔහු යළි මව් බිමට පැමිණියේය.
පුද්ගලයින් සිය ගනනක් මරණයට පත් කළ - සති ගනනාවක් පුරා ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා වලින් පසුව ඇය ධුරයෙන් ඉල්ලා අස් වූවාය.
ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය විරෝධතා නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය විය.
තමන් මිලිටරි නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිළි නොගන්නා බව ශිෂ්‍යයන් අවධාරණය කළ අතර මහාචාර්ය යුනුස් අන්තර්වාර ආණ්ඩුවට නායකත්වය දීමට ඔවුහූ කැමති වූහ.
දුප්පතාගේ බැංකුකරුවා ලෙස හඳුන්වන මහාචාර්ය යුනුස් වසර ගණනාවක අත්තනෝමතික පාලනයකින් පසු බංගලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එනු ඇති බවට දැන් අපේක්ෂාව වී තිබේ.
බංගලාදේශය යළි ගොඩනැංවීමේදී "විනය" අවශ්‍ය බව බ්‍රහස්පතින්දා ඔහු අවධාරණය කළේය.
"වෙහෙස මහන්සි වී එය ඉටු කරන්න," ඔහු ගුවන් තොටුපළ ඔස්සේ ගමන් ගන්නා අතරතුර සිනාමුසු මුහුණින් යුතුව පවසා සිටියේ "නව අවස්ථා පැමිණ තිබෙනවා." යනුවෙනි.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.