මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අතුරුදහන්කළ උතුරු නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව පෙනී සිටියත්, මේ දක්වා අරගත් ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තරය අසමත් වූ බවට උතුරේ මවුවරු දැඩි කනස්සල්ල පළ කර තිබේ.
2017 සිට තමන් ගෙනයන අඛණ්ඩ සත්‍යග්‍රහ අරගලේට මේ වනවිට වසර 7ක් ගතවී ඇති නමුත් අතුරුදහන්කළ සිය ඥාතීන් සොයා ගැනීමටත්, අපරාදකරුවන්ට දඩුවම් කිරීමට සහ අතුරුදහන් පවුල්වලට යුක්තිය ඉටුකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම තමන් විශ්වාස කළ බව බලහත්කාරයෙන් අතුරුදහන්කළ ඥාතී සංගමයේ මුලතිව් දිස්ත්‍රික් සභාපතිනී මරියසුරේෂ් ඊස්වරි පවසයි.
සිය ඥාතීන් විනාශ කිරීමටත්, තමන්ට මේ ඉරණම අත්කර දීමටත් ශ්‍රී ලංකා රාජ්‍යයට යුද්ධයේදි ජාත්‍යන්තර සහාය ලැබුණු බවටද ඇය චෝදනා කර තිබේ.
“අපේ ඥාතීන්ට මොකද වුණේ? ඔවුන් කොහේද? ජීවතුන් අතරද නැද්ද? අපේ ඥාතීන් අපෙන් උදුරගෙන ගිහින් මොකද කළේ? මේවට සම්බන්ධ අයට දඩුවම් කරන්න, අපිට යුක්තිය ඉටු කරන්න. අපිව විනාශ කරන්න රාජ්‍යයට උදව් කළේ ජාත්‍යන්තර ප්‍රජාව පමණයි. ඒ නිසා අපි ඔවුන්ගෙන් යුක්තිය ඉල්ලා සිටිනවා. අපේ ඥාතින් තියාගෙන ඉන්නේ කොහේද කියලා දන්නේ ඔවුන් විතරයි.”
තොරතුරු මුලාශ්‍ර : Families of the Disappeared මුහුණු පොතේ පිටුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.