මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ විවිධ හේතු මත පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර නොගන්නා බවයි.
එමෙන්ම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක් පමණක් පානය කරන බව කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබී ඇත.
විශේෂයෙන් කොළඹ සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනකු උදෑසන නිවෙස් වලින් ආහාර ගෙන පැමිණෙන අතර දවල් ආහාරය සඳහා නිවෙස්වලට යන බව පැවසේ.
පාර්ලිමේන්තු ආපන ශාලාවේ මන්ත්‍රීවරයකුගේ දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල් 450.00ක් ලෙසය. (උදෑසන ආහාර රු.100.00, දිවා ආහාර රු.300.00 හා තේ පානය සමග කෙටි කෑම රු.50.00)
නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල රුපියල් 2000 ක් දක්වා වැඩි කෙරිණි. ( උදෑසන ආහාර රු.600.00, දිවා ආහාර රු.1,200.00 හා තේ පානය සමග කෙටි කෑම රු.200.00)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සඳහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය පවසයි.
සේවා පිරිවැය ඊට ඇතුළත් නොවෙන හෙයින් මන්ත්‍රීවරුන්ට දෙන කෑම වේලෙන් තවමත් පාඩුවක් ඇති බව එම අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර නාස්තියහැකි උපරිමයෙන් වළක්වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ ඇතුළු ගොඩනැගිලි කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කතානායකවරයා මෙසේ උපදෙස්දී ඇත.
පාර්ලිමේන්තු මුළුතැන්ගේ යම් සැලකිය යුතු ආහාර නාස්තියක් සිදුවන බව කාලයක සිටම පෙනී ගොස් ඇති කාරණයකි.
මේ අතර පාර්ලිමේන්තුවට කිතුල් හකුරු කිතුල්පැනි රස කැවිලි පලතුරු එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2023 වර්ෂයේදී රුපියල් විසිතුන් කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශත අනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.
පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේ දී වැය කෙරුණු මුදල රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහකි.
පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 91කට සහ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ට හා කාර්යමණ්ඩලයේ 3,71,192 දෙනකුට භෝජනාගාර පහසුකම් සපයා තිබු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එම වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ සඳහන්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.