‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ජන බලවේගය ඊයේ (04) සංවිධාන කළ මොනරාගල ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
"පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදුජනතාවගේ අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද?... රිදෙනවා...දුක ඇති ගොඩක්... දැන් නැවත උත්සාහ කරනවා මේක පරාජය කරන්න සහ වට්ටන්න. මේක එහෙම වට්ටන්නත් බැහැ, පරාජය කරන්නත් බැහැ. ඒවා ඒ ගොල්ලෝ දුකට කියන කතා. ඇත්තටම සමහරවිට ඒ ගොල්ලෝ රෑට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති. මොකක්ද මේ වුණේ කියලා... ඔවුන් හැමදාම හිතුවේ ජනතාව රවට්ටන්න, බියවද්දන්න. චන්ඩින්ගේ පාලනය අවසන්... අර වීරප්පන්ලා පාලනය කරනවා වගේ තමයි මේ අප්පන්ලා රට පාලනය කළේ. ඒවා අවසන් කරන්න ඕනේ."
දේශපාලකයාට කොමිස් දීපු යුගය ජාතික ජන බලවේගය අවසන් කරලා ඉවරයි. ඒ වගේම අපි රාජ්‍ය නිලධාරීන්ට කියනවා. දේශපාලකයින් විදියට අපි අපේ වැඩේ පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න. පුරවැසියන්ට කියනවා කිසි කෙනෙකුට කප්පම්, පගාව දෙන්න එපා. එහෙම කවුරුවත් ඉල්ලුවොත් අපිට කියන්න. කියන කෙනාගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ඉල්ලපු කෙනා ගෙදර යවනවා, එහෙමයි මේ රට හදන්න ඕනේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.