‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බවත් රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ ’මග හැරුණු පාඩම’ නමින් ඊයේ (01) කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ දී පැවති උත්සවයේ දීයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“අපේ රටේ අමතක වෙලා තිබුණු, මග හැරුණු ගොඩාක් ප්‍රශ්න තිබෙනවා.
තරගකාරී ලෝකය තුළ මනුෂ්‍යත්වයට අවශ්‍ය වැදගත්ම දේවල් ගොඩාක් අත හැරලා තනියම ගමනක් යන්න සිදුවෙලා තියෙනවා.
විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, වැඩිහිටියන්ගේ ආර්ථිකය වැනි බොහෝ කරුණු මේ සඳහා බලපා තිබෙනවා.
එම මග හැරුණු පාඩම් අතර අපේ මනුෂ්‍යත්වයට අත්‍යවශ්‍ය දේවල් අතර එකිනෙකා රැකබලා ගැනීම, ආරක්ෂාව දීම, සාමූහිකත්වය, ආදරය කිරීම, ගරු කිරීම, තව කෙනෙක් තේරුම් ගැනීම, දුකේදී සැපේදි මිත්‍රත්වය දැක්වීම, වැඩිහිටියන් සමග ගනුදෙනු කරන ආකාරය, වැඩිහිටියන්ව රැකබලා ගැනීම, අපි ජීවත්වෙන පරිසරය හා එහි සිටින සතුන් රැකබලා ගන්නේ කොහොමද යන දේවල් ඇතුළු බොහෝ දේ අපිට මග හැරුණු පාඩම්.
අපි හැමෝම මේ සියල්ල අතඇරලා ඉතා තරගකාරී ජීවිතයක් ගත කරනවා.
කණගාටුවෙන් වුවත් කිය යුතුයි මේ දේවල් වලට වගකිව යුත්තේ දරුවන් වන ඔබ නොවෙයි වැඩිහිටියන් වන අපියි.
ඒ කෙසේ ද යනු අපේ දරුවන්ට හරිම දුෂ්කර, තරගකාරී, පීඩාකාරී ජීවිතයක් නිර්මාණය කර දී තිබෙන්නේ වැඩිහිටියන් වන අපියි.
අපි එය වෙනස් කළ යුතුයි. අපි සියලු දෙනා කැප වී ඒ වෙනස අනිවාර්යෙන්ම කරනවා.
ඔබ තුළ තියෙන මානූෂිය ගුණය වැඩිදියුණු කරලා, ඔබට වඩා හොඳ පරිසරයක් ගොඩනැගීම තමයි අපේ අරමුණ.
අපි මේ ලෝකය වෙනස් කරමු.
වැඩිහිටි අපිට මගහැරුණු පාඩම් ගොඩක් තියෙනවා.
ඒ පාඩම් අපි ඉගෙන ගමු.
මේ ලෝකය මීට වඩා ලස්සන තැනක්, මීට වඩා ආරක්ෂාකාරී රටක්, මීට වඩා පොහොසත් රටක්, මීට වඩා සුරක්ෂිත රටක් ගොඩනැගීමේ වගකීම අපිට තියෙනවා.
ඒ ලෝකය ගොඩනගන බවට මම ප්‍රතිඥා දෙනවා.
දරුවන් තුළ තිබෙන මානුෂීය ගුණාංග වර්ධනය වීමට ඇති බාධාවන් ඉවත් කර සතුටින් ජීවත් වීමට ලෝකයක් සෑදීම අපේ වගකීමයි.
ඔවුන්ට අලුත් ලෝකයක් හදන්න අපේ මැදිහත් වීම කරනවා.
මේ රට අපි වෙනස් කරමු.
මේ ලෝකය අපි වෙනස් කරමු. ඒ බලාපොරොත්තුව ඔබ තුළ තියාගන්න. ”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.