CLOSE

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසී ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ නිකුත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ  නාම යෝජනා කැඳවන දිනය යනාදී කරුණු එම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙනු ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.