පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.
එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් තවත් ඒ අනුව පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.