මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.
එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් තවත් ඒ අනුව පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.