වැඩිහිටි දීමනාව ගිණුම්වලට වැටෙන දිනය මෙන්න
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
හෙට (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බවත් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක පවසයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනෙන 2025 පළාත් පාලන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7 සිට සවස 4 දක්වා පැවැත්විමට නියමිත ය.
ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.
පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න
පළාත් පාලන මැතිවරණයට අදාළව එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බවත්, පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක පැවසුවේ ය.
එම ඡන්ද පත්‍රිකාව තුළ කිසිවක් ලිවීම, ඇඳීම, නමක් ලිවීම, කුරුටුගෑම, සටහන් කිරීම නොකළ යුතු අතර එසේ කළහොත් ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරෙන බව ද ඔහු සඳහන් කරයි.
එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන් අද (05) සහ මැතිවරණය පැවැත්වෙන හෙට (06) දිනයේදී ද තමන්ට අයත් තැපැල් කාර්යාලය වෙත ගොස් එය ලබාගත හැකි බවත් එසේ නොමැති නම් මැතිවරණ වෙබ් අඩවිය වෙත ගොස් බාගත කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සඳහන් කළේ ය.
දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන සිට ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවත් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් ද යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.
හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ‘Demerit System’ ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) සිට ධාවනයට එක් කිරීමට නියමිතව තිබේ.