විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ITAK ජ්‍යෙෂ්ඨ උප සභාපති සී වී කේ සිවඥානම් ඉදිරිපත් කළ යෝජනාව බෙදීමකින් තොරව සම්මත වූ බවයි දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට දිගින් දිගටම විරෝධය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් ට පැවසුවේ.
කෙසේවෙතත් ITAK වැඩබලන සභාපති මාවෙයි සේනාධිරාජා පවසන්නේ මෙය තමන් ඇතුලු මුල් පෙලේ නායකයන් කිහිප පලක් නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.
මධ්‍යම කාරක සභාව පවත්වා ඇත්තේ, දෙමළ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඉන්නා පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවකය.
තමන්ට සහාය දීම පිළිබඳව ස්තුතිය පළකරන විපක්ෂ නායකයා, "ජාතිවාදයෙන්, වෙනස්කම් පෑමෙන් තොර" අනාගතයක් ගොඩනැගීමට ITAK පක්ෂයට හා සුමන්දිරන් මන්ත්‍රීවරයා ට කරන ආරාධනයක් සමාජ මාධ්‍ය ඔස්සෙ පළකර තිබුණි.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.