හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
ඇතැම් පාර්ශව විසින් "ව්‍යාජ ප්‍රවේශ පත් නිකුත් කරන බව" නිරීක්ෂණය වී ඇති බව යි නිවේදනයක් නිකුත් කරමින් එහි සංවිධායකයින් පවසන්නේ.
2025 අගෝස්තු 2 වන දින පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රවේශ පත් රුපියල් 20,000ක් වැනි මුදලකට අලෙවි කෙරෙන බව සමාජ මාධ්‍යයන් හි සංසරණය වනු පසුගියදිනවල දී දක්නට ලැබුණි.
කෙසේ වෙතත්, City of Dreams Sri Lanka සංවිධායකයන් පවසන්නේ, ආරාධිතයින්ට පමණක් සීමා වූ මෙම උත්සවය වෙනුවෙන් ප්‍රවේශ පත් නිකුත් නොකරන බවත් කිසිදු තෙවන පාර්ශවයකට ප්‍රවේශ පත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ විකිණීමට අවසර නොමැති බවත් ය.
නිල නොවන මූලාශ්‍ර මඟින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙන් වළකින ලෙසත් කිසියම් ගැටලුවක් ඇත්නම් City of Dreams Sri Lanka නිල සන්නිවේදන මාර්ග හරහා ඔවුන් සම්බන්ධ කර ගන්නා ලෙසත් සංවිධායකයින් දැනුම් දෙනවා.

City of Dreams Sri Lanka සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙස ද සැලකේ.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව එම ව්‍යාපෘතිය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.