කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (17) ලංකාදීප පුවත්පතට පවසා තිබේ.
සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මන්ත්‍රීවරියට හිමි ව්‍යාපාරික ස්ථානයට පැමිණ මෙම පිරිස මන්ත්‍රීවරියට ඊයේ (16) පස්වරුවේ පරදී ඇති බවත් එම පහරදීමෙන් මන්ත්‍රීවරියගේ මුහුණට සහ හිසට තුවාල වී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කියා ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් එම පුවත්පත කළ විමසුමකදී පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් පහරදීමට සම්බන්ධ කිසිවෙක් අද පස්වරුව දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත්ය.
යූ. සඳමාලි මෙම සිද්ධිය පිළිබඳව පවසා තිබුණේ නගර සභාවේ රැස්වීමට සහභාගි වී පැමිණිමෙන් පසුව ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ බැන වැදී පහරදුන් බවත් තුවාල ලැබූ තමන් පහර දුන් පුද්ගලයන්ගෙන් මිදී පාරේ ධාවනය වෙමින් තිබූ වාහනක නැගී ජාතික රෝහලට පැමිණි බවත්ය.
මුලාශ්‍ර : ලංකාදීප පුවත්පත
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.