CLOSE

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදි ඔහු 2014 වසරේ දී නගරාධිපති ධුරයට පත්වූ අතර, 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වුණි.

මියයන විට ඔහු ඒ මහතා 57 වන වියේ පසුවුණි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.