කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හෙට (15) දහවල් 02.30 දක්වා බලපැවැත්වෙන එම නිවේදනයට අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා එම රතු නිවේදනය නිකුත් කර ඇත.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදියර 01 මට්ටමේ අනතුරු ඇඟවීම් මෙලෙස නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල සහ අඟලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළකෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.