පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසු ව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.
* හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
* හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
*හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප.
ජාතික ජන බලවේගය බලය ලබාගැනීමෙන් අනතුරුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ඉකුත් ජනාධිපතිවරණය සමයේ පොරොන්දු ලබාදුන් අතර ඒ අනුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.
මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.