තෙල් මිල වැඩි වන නිසා සහන දෙන්නේ - නලින්ද
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.
දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවත්ත වදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවත් ඔහු පැවසීය.
"ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕනේ, මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඔවුන්ට දළදා වන්දනාව සිදුකර ගැනීමට තවත් දින 4ක් හෝ 5ක් ගත්වෙනවා. ඒ වගේම මහනුවර නගරය සීමා සහිතයි. නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැනට ඉන්න ජනතාව හොඳටම ප්‍රමාණවත් මහනුවරට දරන්න. ඒ වගේම තමා අපි ආහාර පාන සැපයුවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම කියන කාරණය තුළ දුෂ්කර තත්ත්වයක් තියෙනවා. තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේ දී සෞඛ්‍ය ගැටලු මෙන්ම විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා අපි ජනතාව ගැන හිතලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ජනතාවගෙන් නැවත දැනුම්දෙන තුරු මේ මහනුවර නගරයට එන්න එපා කියලා ඉල්ලීම් කරනවා."
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.