දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා අද (11) රාත්‍රී 9.00 දක්වා බල පැවැත්වෙන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) රාත්‍රී චෙන්නායි හී සිට පැමිණි 23 හැවිරිදි ඩෙන්මාක් ජාතික තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ පසුව ඇය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යාමේ දී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
ගමන් මල්ලේ ආහාර අඩංගු පැකට් 25ක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබිය දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 356ක් සොයාගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා අද (11) රාත්‍රී 9.00 දක්වා බල පැවැත්වෙන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.