හෙට (16) සිට වැසි වැඩිවෙයි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරට කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළත් ය.
ඉන් දෙදෙනෙකු 29 හැවිරිදි කාන්තාවන් බව, පොලීසිය සදහන් කළේ ය.
අනෙක් කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැහැ.
අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ දරුවෙකු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.