වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගටම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.
අදාළ සිද්ධියට හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පැයකට පමණ පසුව රණවීර මහතා නිවසින් පිටව ගිය පසුව නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පවසා තිබේ.
හිටපු අමාත්‍යවරයා සොයා ඔහු සිටින බවට සැක සහිත කැලණියේ ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරික්ෂාවට ලක්කර ඇතත් ඔහු සොයා ගැනීමට හැකිව නොමැත.
ඊට අමතර ප්‍රසන්න මහතාගේ රියදුරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තරයක් ලබාගෙන තිබේ.
මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ කිරිබත්ගොඩ සමාජ ශාලා හිමිකරුවකු වන සිංගප්පූරු සරත් නැමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටින බව වාර්තා වේ.
අදාළ ඉඩමේ පර්චස් 120 කට සකූඨ ලේඛන සකස් කර ඉන් භාගයක් තමන් සතු කර ගෙන ඉතිරි ප්‍රමාණය පර්චස් 7 බැගින් කඩකාමර ඉදිකිරිමට මුදල්ට අලෙවි කර වංචා කිරීම හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුලු තවත් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
මෙම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියක් වන අතර එම ඉඩම මෙලෙස මොවුන් වංචාසහගත ලෙස පවරාගෙන තිබේ.
කෙසේවුවද, මෙහි ඔප්පු සකස්කරන ලද නීතීඥයා මේවන විට මියගොස් ඇති බවද වාර්තා වේ.
dinamina.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.